ජනපතිවරණ නිවේදනය මැතිවරණ කොමසාරිස්ට
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ඉදිරි ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළා. ඒ, මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබමින්. අද පස්වරු 1.28ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය සිදුකළ බව සඳහන්. ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය ඒ
අනුව අද නිකුත් කෙරෙනු ඇති.එම ගැසට් නිවේදනය ප‍්‍රකාරව මැතිවරණ කොමසාරිස්වරයා විසින්
ජනාධිපතිවරණය සඳහා
නාමයෝජනා භාරගැනීමට දින නියම කෙරෙනවා.
එය අවසන් වන විට මැතිවරණ කොමසාරිස්වරයා විසින්ම ජනාධිපතිවරණය සඳහා වන දිනය ප‍්‍රසිද්ධියට පත්කරනු ලබනවා.